• මුල් පිටුව
  • සටහන් RSS
  • ප්‍රතිචාර RSS
Blue Orange Green Pink Purple

නිමිත්ත

යැංකි කතා කියන්නෙ මම යැංකිවරුන්ගේ දේශයේ හෙවත් ඇමරිකාවේ සිට ගොනු කරන මගේ අත්දැකීම් වලින් බිඳක්. මේ වෑයම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කථා කරන්නවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්නවත් නෙවෙයි. ඒක නිසාම මේක කිසිසේත්ම දේශපාලනික බ්ලොග් එකක් වෙන්නෙ නැහැ.ඇමරිකාව මා මගේ දෘෂ්ඨි කෝණයෙන් දකින විදිහ සහ ඇමරිකාවේදී මා ලබන ජීවිත අත්දැකීම් පිළිබඳව තැබෙන සටහන් ගොන්නක් ලෙසයි මා මෙය ඔබට පිරි නමන්නෙ. මොනයම් හේතුවකට හෝ ඇමරිකාවට එන්න අදහස් කරගෙන ඉන්නවානම්, මෙයින් සුළු හෝ ප්‍රයෝජනයක් ඔබටත් ලබා ගත හැකි යැයි මා විශ්වාස කරනවා. එන්න අදහසක් නැතත් මෙයින් ජීවිතයට උකහා ගත හැකි දේවල් තියෙන්න පුළුවන්.
Showing posts with label බනානා රිපබ්ලික්. Show all posts
Showing posts with label බනානා රිපබ්ලික්. Show all posts

බනානා රිපබ්ලික් හෙවත් කෙසෙල් සමූහාණ්ඩුව


කලින් සැරේ මං ඇමරිකානුවෝ තමන්ගෙ ඉතිහාසය ගැන පම්පෝරි ගගහ විතරක් ඉන්නෙ නැතුව රට දියුණු කරල තියෙන බව කිව්වනේ. එහෙම දියුණු කරල තියෙන ක්‍රමයේ ඇති සදාචාරාත්මක බච නම් ටිකක් ගැටළු සහගතයි. ඇමරිකාව කියන්නෙ පුදුමාකාර නිදහසක් තියෙන රටක. හැබැයි ඒ පවතින නීති රාමුව ඇතුලෙ. නීති කැඩුවොත්, කෙලින්ම මහ උළු ගෙදර (එහෙම කීවට ඒවයෙ උළුද දන්නෑ සෙවිලි කරල තියෙන්නෙ) තමයි. ලංකාවෙ නීතියට අනුව නම් පුද්ගලයෙක් අධිකරණයකින් වැරදි කරුවෙක් බචට ඔප්පු කරන තෙක් එම පුද්ගලයා නිර්දෝෂී ලෙසයි සැලකෙන්නෙ. නමුත් මෙහෙ තත්වය ටිකක් වෙනස්. කෙනෙකුට චෝදනාවක් එල්ල වුනොත්, තමා නිවැරදි බච අධිකරණය ඉදිරියේ චූදිතයා විසින් ඔප්පු කළ යුතුයි. ජාතික ආරකෂාවට තර්ජනයක් වෙන දෙයක් එහෙම කරල අහු වුනොත්, ඒ පුද්ගලයා කිසි දිනක මේ ලෝකයේ සිටිය නැති විදිහට අතුරුදහන් කරන්න වුනත් මෙයාලට පුළුවන්. (මේව ලියලා මාත් අතුරුදහන් වෙයිද දන්නෑ) ලෝකයේ ඕනෑම රටක් ඇමරිකාවට එරෙහිව මොනවා හරි කරනවා නම්, ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගන්න පුළුවන් ආයතන මේ රටේ තියෙනවා. හොඳම උදාහරණය තමයි ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA).

අපේ අයත් ඔය නිතරම කෑ ගහන බටහිර ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙච්ච අවස්ථා ඕන තරම් ඉතිහාසයේ දකින්න පුළුවන්. රුසියානු සමූහාණ්ඩුව සමග සීතල යුද්ධයක් පැවති කාලයේ පටන් අද දක්වා මෙවැනි කුමන්ත්‍රණ කෙරෙමින් පවතිනවා. ලෝකයේ අනෙක් රටවල් අස්ථාවර වෙන තරමට, ඇමරිකාවට තමන්ගේ සුපිරි බලවතා ගේ තත්වය පවත්වාගෙන යන්න ලේසියි. ඉතින් අපේ මේ පුංචි දිවයිනටත්, මේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ බැල්ම වැටිලා තියෙන්න පුළුවන්.

ඉතින් අපේ අයට තියෙන්නේ ඇමරිකානු කුමණ්ත්‍රණ ගැන කෑ ගගහ ඉන්නෙ නැතුව, දෙයියනේ කියලා තමන්ගෙම කුමන්ත්‍රණ මාලාවක් පටන් ගන්න. ඒක හැබැයි එක පාරටම කරන එක ලේසි වෙන එකක් නැහැ, මොකද අපි තාමත් ඇමරිකාව තරම් බලවත් නැති නිසා. හොඳම වැඩේ තමයි ඉස්සර වෙලාම ඔය පොඩි බනානා රිපබ්ලික් එකක් තෝරා ගන්න එක. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා මොකාක්ද මේ බනානා රිපබ්ලික් එකක් එහෙමත් නැත්නම් කෙසෙල් සමූහාණ්ඩුවක් කියන්නේ කියලා.



බනානා රිපබ්ලික් කියන්නේ ඇත්තටම, එතරම් ස්ථාවර නැති රජයක් තියෙන, බොහෝවිට කෘෂිකර්මය මත පදනම් වුනු ආරථිකයක් තියෙන, දූෂිතයින් පිරිසක් විසින් පරිපාලනය ගෙනයන කුඩා රටක් හැඳින්වීමට යොදන උපහාසාත්මක යෙදුමක්. මේ යෙදුම කරළියට එන්නෙ ඇත්තටම එක්දහස් නවසිය ගනන් වල මුල භාගයේ, ඇමරිකාවේ ආර්ථිකයේ ප්‍රබල ස්ථානයක් ගත් දුම්රිය සමාගම් කෙසෙල් වෙලඳාමට යොමු වීමත් සමගයි. නිවර්තන පලතුරක් වන කෙසෙල් ඇමරිකාවට හඳුන්වා දීමත් සමගම සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා. මේ නිසා, මේ දුම්රිය සමාගම් කරපු වැඩේ තමයි මධ්‍යම ඇමරිකාවේ තියන හොන්ඩුරාස්, ගෝතමාලා වගේ රටවල් වල ඉඩම් කුණු කොල්ලයට අරගෙන, එම රටවල මිනිස් ශ්‍රමයත් තුට්ටු දෙකට අරගගෙන කෙසෙල් වගා කරපු එක. ඒ සඳහා ඒ රටවල දූෂිත පාලකයන්ගෙන් ඔවුන්ට ලැබුණේ නොමඳ සහයක්. එහෙම වවපු කෙසෙල් වලින් 1000% ලාභයක් උපයා ගන්න මේ සමාගම් ඒ කාලයේ සමත් වුනා කියලයි විකිපීඩියා විශ්වකෝෂයේ නම් තියෙනනේ. එදා ඒ ආරම්භ කරපු සමාගම් අද දක්වාත් පලතුරු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිපැයීමේ නිරත වෙලා ඉන්නවා.

ඉතින් අපිත් මේ වගේ වැනෙන සුළු රටක් හොයාගෙන (මාලදිවයින වගේ) අපිට ඕන විදිහට නටවන්න පටන් ගත්තොත් අපිටත් ටික කලක් යනකොට බලවත් රටක් වෙන්න සුදුසුකම් ලබාගන්න පුළුවන් වෙයි. හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ නටවන්න ගිහින් අන්තිමට අපි නැටවෙයිද කියන එකයි. මොකද ඔය බනානා රිපබ්ලික් එකක ලක්ෂණ බොහොමයක් අපේ රටෙත් තියනවා වගේ මට දැනෙනවා.

පින්තූරය උපුටා ගත්තේ http://meta.wikimedia.org/wiki/File:Banana_republic.svg සහ http://sugarnspiceblog.wordpress.com/2009/04/21/tuesday-starting-to-feel-better/ කියන තැන්වලිනුයි.
Read More 6 comments | Posted by නේෂාධ පෙරේරා |
Older Posts Home
  • මා ගැන...
      මා යැංකිවරුන් ගේ දේශය හෙවත් ඇමරිකාවට පැමිණියේ 2009 වසර උදාවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දීය. ඒ පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දැනට වෙසෙන්නේ යැංකි රටේ ටෙක්සාස් (Texas) කියන ප්‍රාන්තයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ලබක් (Lubbock) කියන නගරයේය. මගේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ආසා නම්, මෙන්න මෙතන ක්ලික් කොරන්ට.
  • පරණ කථා

    • ▼ 2010 (6)
      • ▼ April (2)
        • ගෙඹි පැටියෝ ඔයයි මමයි
        • දැනුම සොයා බටහිරට...
      • ► March (4)

    ලේබල

    • KFC (1)
    • ආකල්ප (1)
    • ඇමරිකානු ඉතිහාසය (2)
    • කෙසෙල් (1)
    • කෙසෙල් සමූහාණ්ඩුව (1)
    • ක්‍රිස්ටෝපර් කොලොම්බස් (1)
    • දැනුම (2)
    • දිළිඳු බවේ විෂම චක්‍රය (1)
    • දුප්පතුන් (1)
    • පර්යේෂණ (2)
    • පීසා හට් (1)
    • බටහිර (1)
    • බනානා රිපබ්ලික් (1)
    • බැංකු (1)
    • මරණ දණ්ඩනය (1)
    • මැක්ඩොනල්ඩ්ස් (1)
    • විභාග (1)
    • විශ්වාසය (1)
    • වෘත්තිය (1)
    • වෛද්‍ය (1)
    • සමාජය (1)

    කථා අහන අය

    යැංකි කතා's Fan Box

    යැංකි කතා on Facebook
  • සොයන්න






    • මුල් පිටුව
    • සටහන් RSS
    • ප්‍රතිචාර RSS

    Creative Commons License යැංකි කතා by නේෂාධ පෙරේරා is licensed under a Creative Commons Attribution - Noncommercial - No Derivative Works 3.0 Unported License.
    Designed by FTL Wordpress Themes | Bloggerized by FalconHive.com | brought to you by Smashing Magazine

    පිටුවේ මුලට