කෙසේ වෙතත්, මෙහි පශ්චාත් උපාධි හදාරන බොහෝ දෙනා ජාත්‍යන්තර සිසු සිසුවියන්ය. (ඇමරිකානු සිසුන් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට වැඩි නැඹුරුවක් නොදක්වයි. නමුත් මේ දිනවල මෙම තත්වය තරමක් වෙනස් වී ඇත. ඒ තාවකාලිකව ලොව පුරා පැතිරී ඇති ආර්ථික අවපාතය හමුවේ රැකියා සොයා ගැනීම අපහසු බැවින් බොහෝ දෙනා දිගටම ඉගෙන ගැනීමට පෙලඹී ඇත. නමුත් මෙය තාවකාලික බව බොහෝ දෙනාගේ මතයයි.) මෙසේ පිට රටවලින් (බොහෝ විට ආසියාතික රට වලින්) මෙහි පැමිණෙන සිසුන් ඇමරිකානු උසස් ජීවන තත්වය අත් විඳීමෙන් පසුව කෙසේ හෝ ඇමරිකාවේම පැලපදියම් වීමට උත්සාහ කරයි. ඒ සඳහා වෙන් වූ පැහැදිලි ක්‍රමවේදයක් පවතින අතර, එමගින් වසර කිහිපයකින් ඇමරිකානු පුරවැසි භාවය වුවද ලබා ගැනීමට අපහසු නැත.
මෙම සිසුන් බොහෝ දෙනා ආචාර්ය උපාධි හැදෑරීම සඳහා පර්යේෂණ කටයුතු වල නිරත වන්නන්ය. ආචාර්ය උපාධිය අවසන් වීමෙන් පසුව වුවද, පර්යේෂකයෙකු ලෙස තමා ගොඩනගා ගත් ප්‍රතිරූපය දිගටම පවත්වාගෙන යාමට ඔවුන් කැමැත්තෙන් පසු වෙයි. නමුත්, ඒ සඳහා තම මවු රටේ ප්‍රමාණවත් පහසුකම් හා නිදහසක් නොමැති තැන, ඒ පිළිබඳව නිබඳවම අත හිත දීමට සැදී පැහැදී සිටින ඇමරිකාවේම ජීවිතයේ ඉතිරි කලත් ගෙවා දැමීමට මොවුහු නිරායාසයෙන්ම යොමු වෙයි. මෙලෙස ඇමරිකාවේ ස්ථානගත වීමට බලපාන තවත් හේතු තිබේ. චීන ජාතිකයන් බොහෝවිට ඇමරිකාවට ආ විගසම කරන්නේ හැකි තරම් දරුවන් හැදීමය. චීනයේ පවුලකට සිටිය හැකි දරුවන් ගනන සීමා සහිත නමුත් ඇමරිකාවේ එසේ නැත. මෙසේ හැදූ දරුවන් සමගින් නැවතත් චීනයට යාමට නම්, වැඩිපුර දරුවන් සඳහා චීන රජයට ඔවුන් මුදල් ගෙවිය යුතු බව මා අසා ඇත. එසේ නොවුනද චීනයේ දරදඬු පාලනයත් සමග සසඳන කළ, මෙහි ඇති නිදහස් පරිසරය ඇමරිකාවේම සිටීමට ඔවුන් නිරායාසයෙන්ම පොලඹෙනු ඇත. එබැවින්, බොහෝ දෙනා තෝරා ගන්නේ දිගටම ඇමරිකාවේම රැඳී සිටීමයි. දෙවන ලෝක යුද සමයේ නාසින්ගේ යුදෙව් ජන සංහාරයෙන් මිදීමට ඇමරිකාවට පලා ආ යුදෙව් විද්‍යාඥයින්ද මේ ගනයටම අයත්වේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද දිගටම ඇමරිකාව තුලම රැඳී සිටියහ.
මෙලෙස අන් ජාතිකයන්ට ඇමරිකාවේ රැඳී සිටීමට අවසර දීමටත්, ඔවුන්ට පසු කාලීනව ඇමරිකානු පුරවැසි භාවය ලබා දීමටත් ඇමරිකානු රජය කාරුණික වන්නේ ඇයි? උසස් අධ්‍යාපනය සඳහා මෙරටට පැමිණෙන බොහෝ විජාතිකයන් සාමාන්‍ය ඇමරිකානුවන්ට වඩා බුද්ධි මට්ටමෙන් වැඩි අයයි. බොහෝ ඇමරිකානු උපාධිධාරීන් උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවන තත්වයක් තුල, මෙහි විශ්වවිද්‍යාලවල ඇති පර්යේෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට නම්, වැඩි වැඩියෙන් විදේශීය සිසුන් ඒ සඳහා අනුයුක්ත කර ගත යුතුය. මොවුන් කරනු ලබන පර්යේෂණ වලින් බිහිවෙන නව සොයාගැනීම්වල අයිතිය බොහෝවිට එම ආයතනයට හෝ, ඒ සඳහා මුදල් වියදම් කළ ආයතනයට පැවරේ. එම නව නිර්මාණ ලොව පුරා භාවිතා කිරීම සඳහා බලපත් ලබා දීමෙන් ඇමරිකාව ලබන ආදායම, ඒවා සොයා ගැනීමට දායක වූ සිසුන් ගේ පශ්චාත් උපාධි සඳහා වැය කළ මුදල මෙන් දස දහස් ගුණයකින් වැඩිය. තවද, එමගින් ඇමරිකාව ලෝකයේ තාක්ෂණික බලවතා වීමෙන් සහ අන් රටවල් තාක්ෂණික යටත් විජිත ලෙස තබා ගැනීමෙන් ලබන වාසිය මිල කළ නොහැකිය. ලෝකයේ අංක එකේ රට ලෙස ඇමරිකාවට ඇති ස්ථානය ලබා ගැනීමට මෙමගින් ඇතිවූ බලපෑම සුළු පටු නොවේ.
ගල් යුග, ගොවි යුග, එඬේර යුග ආදී මෙකී නොකී යුග ගණනාවක් පසුකළ මිනිසා මේ ගෙවෙන්නේ දැනුම් යුගයක් බව මා අසා ඇත. මේ යුගයේ දැනුම හොඳින් මාකට් කළ හැකිය. එමගින් ලැබිය හැකි වරප්‍රසාද අති මහත්ය. අම්මා මුත්තා කාලේදීවත් අසා නැති ජාන හොරුන්, පේටන්ට් හොරුන් ආදීන් බිහි වෙන්නේ, දැනුම යනු රන් හා සමාන ආයෝජනයක් නිසාය. දැනුම අතින් ඉදිරියෙන් සිටීමට අද සෑම රටක්ම උනන්දු වේ. දශක තුනක් පුරාවට ඇදීගිය යුද්ධයක් අවසානයේ සැනසුම් සුසුම් හෙලමින් සිටින අප, දැන් රට දියුණු කිරීමේ පිඹුරුපත් සදමින් සිටී. හුදෙක් බටහිර ඇති දැනුම ලබා ගැනීම පමණක් රටේ ඉදිරි ගමනට ප්‍රමාණවත් වේද? ඒ දැනුම යල් පැන ගිය පසු අප කරන්නේ කුමක්ද? අප අපට ආවේණික වූ දැනුම් ගබඩාවක් සාදා ගත යුතු නොවේද? (මෙමගින් අප අපේ වැලලී ගිය ඉපැරණි තාක්ෂණය යලි ගොඩ ගත යුතු යැයි අදහස් නොකෙරේ. නව ලෝකයට ගැලපෙන පරිදි නව දැනුම බිහි කළ යුතු නොවේද යන්න මෙමගින් ප්‍රශ්න කෙරේ) ඒ සඳහා අප අප රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් නව දැනුම සොයා යන පර්යේෂණ කරා මෙහෙයවිය යුතු නොවේද? එම පර්යේෂණ, හුදෙක් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ උසස්වීම් සඳහා පමණක් යොදා ගන්නා, පර්යේෂණ පත්‍රිකා වලට පමණක් සීමා නොවූ ප්‍රායෝගික භාවිතයන් සඳහා යොදා ගත හැකි පර්යේෂණ විය යුතු නොවේද? මේ සියල්ල කිරීමට නම්, ඒ සඳහා අවශ්‍ය වන න්‍යායයික දැනුම ලබාදීම මගින් ශක්තිමත් අඩිතාලමක් කුඩා කල සිට අප දරුවන්ට දිය යුතු නොවේද?
මේ සියළු ප්‍රශ්න අතර තවත් වැදගත් ප්‍රශ්නයක් ඇසීමට ඇත. එනම්, මේ සියළු දේවල් සඳහා ඉටු කිරීම සඳහා ශ්‍රී ලාංකික රජය ඉටු කරන කාර්ය හාරය කුමක්ද? මා දන්නා තරමින් නම්, දළ ජාතික ආදායමෙන් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ කටයුතු සඳහා රජය වාර්ෂිකව වැය කරනුයේ 0.5% පමණ ඉතා කුඩා අගයකි. එය ලොව බොහෝ රටවලට වඩා බෙහෙවින් කුඩා වේ. තවද, මුදල් වෙන් කළ පමණින් මේ සියල්ල හරි යනවාද? ඒ සඳහා රටේ ඇති කළ යුතු ආකල්පමය වෙනස, අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයන් ඇති කරන්නේ කෙලෙසද? මේවා සියල්ල තවදුරටත් ප්‍රශ්න පමණක්ම නම්, දැනුම සොයා බටහිරට ඇදීමත්, දැනුම සොයා ගොස් බටහිරම නතර වීමත් තව චිරාත් කාලයක් සිදුවනු ඇත.
පින්තූරය උපුටා ගත්තේ http://llenrock.com/blog/top-10-cre-books/
සිරා ලිපිය!!!
කටේ මසුරං දාන්න ඕනේ අන්තිම ඡේදයට නම්!
දැන් මේ ලියන එක්කෙනා ආයෙ ලංකාවට එනවද ?
ළ ජාතික ආදායමෙන් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ කටයුතු සඳහා රජය වාර්ෂිකව වැය කරනුයේ 0.5% පමණ ඉතා කුඩා අගයකි
@Anonymous
//දැන් මේ ලියන එක්කෙනා ආයෙ ලංකාවට එනවද ?
අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. මම විතරක් නෙවෙයි, මෙහේ පදිංචි වුනු හැම කෙනෙක්ම වගේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක් ලංකාවට එනවා. ඔයා අහන්න ඕන හරි ප්‍රශ්නය වෙන්නේ, මම ඇමරිකාවේ දිගටම නතර වෙනවද? කියන එකයි. ඒකට උත්තරය යථා කාලයේදී තථා අයුරින් ලැබේවි.
වැදි බණ නෙ කියන්නෙ
මේ කතාවට නම් කටේ US ඩොලර්ස් දාන්න වටිනවා........
පර්යේෂන කිරීමට සහ දැනුම නිපදවීමට හුදෙක් මුදල් යෙදවීම ප්‍රමාණවත් නැහැ. ඊට සරිලන නිදහස් පරිසරයකුත් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවල ප්‍රසිද්ධ බටහිර විශ්ව විද්යාල වලට අනුයුක්ත විශ්ව විද්යාල ඇති කර බටහිරින් ආචාර්යවරුන් ගෙන්වා දැනුම නිර්මාණය කිරීමට ගත් උත්සාහ අසාර්ථක වෙමින් පවතිනවා. ඊට හේතුව අවශ්ය නිදහස එම රටවල කල්තරයේ නොතිබීමයි.
එවන් උත්සාහ සාර්ථක වී ඇත්තේ ඊශ්‍රායලයේ පමනයි (උදාහරනයක් ලෙස ගත්තොත් විශ්වවිද්යාලය ඉතා ඉහල මට්ටමේ පර්යේශන කරමින් බටහිර විශ්වවිද්යාල වලට සම තැනකට පැමිනෙමින් පවතිනවා) - ඊට හේතුව නිදහස් වාතාවරනයක් එම රටේ ඇතිකර තිබීමයි (උ.දා. ඊශ්‍රායලය රටක් වීම - එනම්, රටේ ආණ්ඩුව කිසිම ආගමකට විශේෂ සැලකිල්ලක් නොදැක්වීම, කාන්තා අයිතිවාසිකම්, සමලිංගික අයිතීන් යනාදිය නිසා පලස්තීනය සහ ඉරානය සමඟ ඇති ගැටලු තුල වුවත්, යුදෙව් අන්තවාදීන් විශාල ප්‍රමානයක් සිටියත් වැනි නගරබද ප්‍රදේශ වල ඉතා නිදහස් ලෙස, අලුත් අදහස් සිතීමට සරිලන පරිසරයක් පවතිනවා).
ඉහත ලිපියේ උදාහරනය: Tel Aviv University
මගේ හැගීම නම් කරන්න පුළුවන් දේත් මෙහේ නොකරන බවයි.