ඔවුන්ගේ ඉතිහාසයේ ඇති මේ ලඝු බව නිසාම, කෙනෙකුට ප්‍රසිද්ධියේ අධෝ වාතයක් පිටවීම වුවද මහා වැදගත් ඓතිහාසික කරුණක් ලෙස දැකවීමට ඔවුන් පුරුදුව සිටී. තම කෙටි ඉතිහාසය පිළිබඳව මහත් ප්‍රෞඩත්වයකින් කථා කිරීමට ඔවුන්ට හැකිය. නමුත් මාදකින පරිදි මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ කයිවාරු ගැසීමෙන් පමණක් නොනැවතී, තම ජාතිය ලොව අනෙක් ජාතීන් අතර උසස් තැනකට ගෙන ඒමට ඔවුන් සමත්වී සිටීමයි.
ශ්‍රී ලාංකික අපට ඇමරිකාව මෙන් පස් ගුණයකටත් වඩා දිගු ඉතිහාසයක් තිබේ. එය ලොව ඇති දිගුම ලිඛිත ඉතිහාසය යැයි උදම් අනන්නෝ මට හමුවී තිබේ. එම ඉතිහාසය තුල අපට නොයෙකුත් වීර චරිත හමු වේ. ඔවුන්ගේ වීර ක්‍රියා, ඇමරිකානු ඉතිහාසයේ එන වීරයන්ගේ වීර ක්‍රියා මෙන් නොව සැබෑ වීර ක්‍රියා බව අවිවාදයෙන්ම පිළිගත යුතු වේ. පුරා විද්‍යා කැණීම් මගින් මතු කරගෙන ඇති ඓතිහාසික නටඹුන් වලින් හෙළිවන අතීත ශ්‍රී විභූතිය දෙස් විදෙස් සිත් මවිත කරවන සුළුය. එවන්වූ මහානර්ඝ ඉතිහාසය පිළිබඳව අපිද තොරතෝංචියකින් තොරව උදම් අනනු දැකිය හැකිය. එහි ඇති වරදක්ද නැත. නමුත් ප්‍රශ්නය වන්නේ, කයිවාරු ගැසීමෙන් පමණක් නොනැවතී අප ජාතිය ලොව අනෙක් ජාතීන් අතර ඉදිරියට ගෙන ඒමට අප කර ඇත්තේ කුමක්ද යන්නයි.
මේ ප්‍රශ්නයට උත්තරයක් මම පසුව සටහනකින් සාකච්‍ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකන් කුමාරතුංග මුනිදාස ශූරීන් ලියපු මේ කවි පදය ගැන හිතන්නට මම ඔබට බාර කරමි.
අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී
හිඟා කෑම බැරි වුණ තැන ලඟී ගයා මර ගී
පින්තූරය: ඇමරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ අභාවයෙන් පසු ඇඳි ආලේඛ්‍ය චිත්‍රයක්. ඔහු ජීවත්ව සිටියදී ඇඳි ආලේඛ්‍ය චිත්‍ර නොමැති බවයි පැවසෙන්නෙ. පින්තූරය උපුටා ගත්තේ විකිපීඩියා විශ්වකෝෂයෙනි.
අපිට තියනවැයි කියන "දීර්ඝ","ප්‍රෙෘඩ" ඉතිහාසය අපේ අය භාවිතා කරන්නේ භාවිතා නොකළ යුතුම ක්‍රමේට. හැමදාම පහුගිය කාලය ගැන කියව කියව ඉන්නව මිසක් ඉදිරියට යන්න හිතන්නේ නෑ. ඉදිරියට යන්න හිතන එකාටත් "ඉස්සර නං ඔහොම නෑ!" කියමින් අකුල් හෙලන එක තමයි අපේ සිරිත! :/
ඇත්ත, අපේ අය ඉතිහාසය පාවිච්චි කරන්නෙ ලොකුව කියවන්න විතරයි. ඉතිහාසය තියෙන්නෙ ඒකෙන් පාඩම් ඉගෙනගන්න.